අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි එකම පිළිතුර ඇය සතු අපරිමිත සෙනෙහසයි "අම්මා" කියන උදාර නාමයට පණ දුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට දායාද කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආදරයක් කියවන්න ඇයත් මුළු රටක් හඳුනන, ප්‍රේක්ෂකයින් වැළඳගත් ආදරණීය රංගන ශිල්පිනියක් වගේම සෙනෙහෙවන්ත මවක්. ඇය වෙන කවුරුත් නොවෙයි, රංගන ශිල්පිනී තිසුරි යුවනිකා මව් පදවිය ලබන්නට පෙර, සිය පුංචි සුරංගනාවිය කුස තුළ ඉන්න කාලයේ ගත් ඉතාමත් සුන්දර පින්තූර පෙළක් තිසුරි පසුගියදා සිය මුහුණුපොතට එක් කර තිබුණා. ඇසට මෙන්ම හදවතටද දැනෙන ඒ ආදරණීය ඡායාරූප පෙළ සමඟින් ඇය තබා තිබූ සටහන කාගේත් අවධානය දිනාගත්තා. සම්පූර්ණ විස්තරය ඇය තැබූ ආදරණීය සටහන මෙන්න. "මේ පුංචි කුස තුළ, මගේ මුළු ලෝකයම නිදන්ව තිබුණා…අද ඒ ලෝකය, මගේ තුරුලේ සිනාසෙනවා. මගේ චූටි මොආනා...ආදරණීය මතකයන්" සමාජ මාධ්‍ය ඇසුරෙන්